2023 දෙසැම්බර් මස 03 වන දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධිතවූවන්ගේ දිනයට සමගාමීව, විශේෂ අවශ්‍යතා සහිත ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා, ජල බෝතල් සහ කෑම පෙට්ටි තොගයක් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වැලිමඩ සූරිය පදනමේ සංවිධායකත්වයෙන්, දිව්රුම්වෙල රජමහා විහාරයේ පවත්වාගෙන යනු ලබන විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ලබාදීම සඳහා එම පදනම මඟින් සිදු කෙරුණු ඉල්ලීමකට අනුව, මෙම ජල බෝතල් සහ කෑම පෙට්ටි පරිත්‍යාග කිරීම, 2023 දෙසැම්බර් මස 03 වන දින වැලිමඩ ජෙමිනි උත්සව ශාලාවේදී සිදු කෙරිණි. තවද, එම අවස්ථාව සඳහා දිව්රම්වෙල පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පල්ලේබෝවිල ඥාණානන්ද ස්වාමීන් වහන්සේ, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්එම්එම්එන් රත්නායක, සමාජ සේවා නිලධාරි ඊකේඑන්එස් කුමාරි සහ වනිතා සංවර්ධන නිලධාරි මැණිකේ දසනායක යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ.