2023 දෙසැම්බර් මස 03 වන දිනට යෙදුණ ජාත්‍යන්තර ආබාධිත වූවන්ගේ දිනයට සමගාමීව ක්‍රියාන්විත රාජකාරියේදී පුර්ණ ආබාධිත තත්වයට පත්ව ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ ස්ථාපිත ‘Anchorage’ රණවිරු නිකේතනයේ ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
මෙහිදී ගරු සභාපතිතුමිය විසින් ආබාධිත නාවික රණවිරුවන් ගේ සුවදුක් විමසා ඔවුන්ගේ භාවිතය සඳහා මයික්‍රෝවේව් උදුනක් (Microwave Oven) පරිත්‍යාග කිරීමටද කටයුතු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරි වැලිසර කපිතාන් ජේඒපීසී ජයසිංහ සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී විය.