නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියගේ මඟපෙන්විම අනුව බටහිර නාවික විධාන ආඥාපති හා එම මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් 2023 දෙසැම්බර් මස 04 වන දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට කටයුතු කෙරිණි.
ආරාධිත අමුත්තන් පිළිගැනිමෙන් අනතරුව, විවිධ ප්‍රසංගය ආරම්භ වු අතර, කුඩා දරුවන්ගේ විචිත්‍රවත් නර්ථනාංගයන් ගෙන් උත්සවය වර්ණවත් විය. ප්‍රසංගයෙන් අනතුරුව පෙර පාසල් දරු දැරියන්ගේ දක්‍ෂතා අගයනු වස් දරු දැරියන් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය කරන ලද අතර, පෙර පාසල් ගුරුවරියන්/ගුරු සහයිකාවන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් ත්‍යාග ලබාදීම ද සිදුකෙරිණි.
තවද, එම උත්සව අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනි උදේනි කුලරත්න මැතිණිය, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ටීඑස්කේ පෙරේරා, සේවා වනිතා විධායක කමිටු සාමාජිකා කුමුදු ඉලේපෙරුම, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි, ලේකම් ඇතුළු පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.