ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතන පරිශ්‍රයේ අභිනව සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නාවික පුද්ගලයින්ගේ සුභසාධනය උදෙසා අබාන්ස් පුද්ගලික සමාගම සමඟ සම්බන්ධීකරණය වී පවත්වාගෙන යනු ලබන සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරයන් මඟින් නාවික පුද්ගලයින් හට අත්පිට මුදලට සහ පහසු ගෙවීමේ පදනම මත විදුලි හා විද්‍යුත් උපකරණ මිල දී ගැනීමට අවස්ථාව ලබා දී ඇති අතර, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මඟපෙන්වීම යටතේ ඉදිකරන ලද ශ්‍රීලංනානෞ කාවන්තිස්ස ආයතනයේ නව සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය 2023 දෙසැම්බර් මස 03 වන දින ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ සුරතින් නාවික පුද්ගලයින් හට සේවාවන් ලබාදීම සඳහා විවෘත කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා අබාන්ස් ආයතනයේ ප්‍රධාන අලෙවි කළමණාකරු උපුල් ද සිල්වා මහතා, සේවා වනිතා විධායක කමිටු සාමාජිකා ප්‍රියංගා කුමාරසිංහ මැතිණිය, කමිටු සාමාජිකා කමිලා බෝවත්ත මැතිණිය, චමරි එදිරිසිංහ මැතිණිය, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ශ්‍රීලංනානෞ කාවන්තිස්ස ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් අතුල ජයවීර, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලය හා දකුණු නාවික විධානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් ද සහභාගීවී සිටියහ.