ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ සේවා වනිතා පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාලනය වන ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ නාවික පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා සහතිකපත් ප්‍රදානෝත්සවය නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023 දෙසැම්බර් මස 03 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුන ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

තවද, එම උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි උදේනි කුලරත්න මැතිණිය, විධායක කමිටු සාමාජිකා ප්‍රියංගා කුමාරසිංහ මැතිණිය, කමිටු සාමාජිකා කමිලා බෝවත්ත මැතිණිය, චමරි එදිරිසිංහ මැතිණිය, දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු කිත්සිරි බණ්ඩාර, ශ්‍රීලංනානෞ දක්ෂිණ ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් රුවන් එදිරිසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලය, දකුණු නාවික විධානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, පෙර පාසැල් දරුවන්, ගුරුවරියන් සහ දෙමව්පියන්ද සහභාගී වී සිටියහ.