ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස සේවා වනිතා පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාලනය වන ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ නාවික පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා සහතිකපත් ප්‍රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ එම මැතිණිය වන සේවා වනිතා විධායක කමිටු සාමාජිකා චම්පිකා බණ්ඩාර මැතිණියගේ සෘජු අධීක්‍ෂණය යටතේ 2023 දෙසැම්බර් මස 02 වන දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තවද, එම උත්සව අවස්ථාව සඳහා ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් චන්දිම සිල්වා, නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනිල් බෝවත්ත හා එම මැතිණිය වන කමිලා බෝවත්ත ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ශ්‍රීලංනානෞ තිස්ස සේවා වනිතා පෙර පාසැලේ අධික්ෂණ නිලධාරී, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයට අනූයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, පෙර පාසැල් දු දරුවන්, ගුරුවරියන් සහ දෙමව්පියන්ද සහභාගී වී සිටියහ.