නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානය වෙත සෙසු පිරිකර සහ පිරිසිදු කාරක ද්‍රව්‍යය පූජා කරයි

තණමල්විල (කිතුල්කොටේ) රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින චීවර පුණ්‍යකර්මය නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2023 නොවැම්බර් මස 18 සහ 19 යන දිනයන්හීදී එම විහාරස්ථාන භූමියේදී පැවැත්වුනු අතර, ඊට සමගාමීව එම විහාරස්ථානයේ වස් වසන ලද ස්වාමීන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේ 45 නමක් උදෙසා සෙසු පිරිකර සහ පිරිසිදු කාරක ද්‍රව්‍යය පුජා කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන්, 2023 නොවැම්බර් මස 19 වන දින එම විහාරස්ථානයේදී බැති සිතින් සිදු කෙරිණි.

තවද, මෙම පුණ්‍යකර්මය සඳහා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙරළාරක්ෂක රියර් අද්මිරාල් පූජිත විතාන ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ එම මැතිණියන්, සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ අධීක්ෂණ නිලධාරි, සම්බන්ධීකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලය සහ දකුණු නාවික විධානයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.