ක්‍රියාන්විතයේ දී ආබාධිත තත්වයට පත් නාවිකයයෙකු වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් රෝද පුටුවක් ප්‍රදානය කරයි

ක්‍රියාන්විතයේ දී ආබාධිත තත්වයට පත් බල නැවි ඩබ්ජීඑස්එස් රණසිංහ යන විශ්‍රාමික නාවිකයා වෙත රෝද පුටුවක්‌ ප්‍රදානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය විසින් 2023 නොවැම්බර් මස 16 වන දින එම නාවිකයාගේ නිවසේදී සිදු කෙරිණි.

නාවික හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික නාවික පුද්ගලයින් විසින් සානුකම්පිත හේතූන් මත රෝද පුටු ලබා ගැනීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙත සිදු කෙරෙන ඉල්ලීම් වෙනුවෙන් පරිත්‍යාග කිරීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් ‘සන්රිච් කන්ෆෙක්ෂනරි’ පුද්ගලික ආයතනය වෙත කරන ලද ඉල්ලීමකට අනුව, එම ආයතනය වෙතින් සේවා වනිතා ඒකකය වෙත නොමිලයේ රෝද පුටුවක් ප්‍රදානය කෙරිණි. ක්‍රියාන්විතයේ දී ආබාධිත තත්වයට පත් බල නැවි ඩබ්ජීඑස්එස් රණසිංහ විසින් සිදුකල ඉල්ලීමකට අනුව, එම රෝද පුටුව ඔහු වෙත ප්‍රදානය කිරීම මෙලෙස නොවැම්බර් මස 16 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.