සේවා වනිතා ඒකකය මඟින් දහම් පාසැල් දු දරුවන් වෙත පාසැල් උපකරණ ප්‍රදානයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස ඉතා අවම පහසුකම් සහිත මහකෝන්වැව, ශ්‍රී සුමංගල දහම් පාසලේ දූ දරුවන් වෙත බෙදාදීම සඳහා පාසැල් උපකරණ ප්‍රදානය කිරීමක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 15 වන දින නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා කාර්යාලයේදී සිදු කෙරිණි.

ඒ අනුව, මහකෝන්වැව, ශ්‍රී සුමංගල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දූ දරුවන් හට ප්‍රදානය කිරීම සඳහා අවශ්‍ය පොත්පත් හා පාසැල් උපකරණ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබාගැනීමට එම දහම් පාසලේ ප්‍රධානාචාර්යය තුමන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව සංකේතාත්මකව පාසැල් උපකරණ ප්‍රදානය කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස නොවැම්බර් මස 15 වන දින සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.