නාවිකයෙකුගේ රෝගී තත්වයේ පසුවන දරුවකුගේ පෝෂණ අවශ්‍යතාවය වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් කිරිපිටි ප්‍රදානය කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 15 වන දින එම කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අනුව, නායක නැවි පීඑස්එස්පී ප්‍රේමතිලක විසින් තම රෝගී තත්වයේ පසුවන දියණියගේ පෝෂණ අවශ්‍යතාවය වෙනුවෙන් කිරිපිටි මිලදීගැනීම සඳහා කරන ලද ඉල්ලීමට අනුව, එම දියණිය සඳහා අවශ්‍ය කිරිපිටි පැකට් පහ (05) බැඟින් මාසිකව වසරක කාලසීමාවක් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබාදීම සිදුකෙරෙන අතර, එහි පළමු ප්‍රදානය මෙලෙස 2023 නොවැම්බර් මස 15 වන දින ගරු සභාපතිතුමිය විසින් සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.