නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කාන්තා සුභසාධක සංගමය වෙත වියළි සලාක ප්‍රදානයක් සිදුකරයි

2023 ඔක්තෝබර් මස 25 වන දිනට යෙදෙන ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කාන්තා සුභසාධක සංගමය වෙත වියළි සලාක ප්‍රදානය කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සුරතින් 2023 ඔක්තෝබර් මස 16 වන දින සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කාන්තා සුභසාධක සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් වියළි සලාක මළු 300 ක්, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කාන්තා සුභසාධක සංගමයේ නියෝජිතයෙක් වෙත සං‍කේතාත්මකව ප්‍රදානය කිරීම 2023 ඔක්තෝබර් මස 16 වන දින නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.