නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සේරුවාවිල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක මළු ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා විද්‍යාර්ථයින්ගේ සංගමය හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජය විසින් 2023 ඔක්තෝබර් මස 08 වන දින සේරුවාවිල මංගල රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින්, ප්‍රදේශවාසීන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වන ලද අතර, මෙම වැඩසටහනට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් අඩු ආදායම්ලාභී පවුල් විසිපහක් (25) වෙත වියලි සලාක මළු ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

එම සලාක මළු ප්‍රදානය කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි මාලා ළමාහේවා මැතිණිය, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය රියර් අද්මිරාල් පීජේබී මාරඹේ, සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිතුමිය උදේනි කුලරත්න මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා චම්පිකා සිල්වා මහත්මිය යන සම්භාවනීය අමුත්තන්ගේ සුරතින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහ නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් හා නාවිකයින් පිරිසික් සහභාගී වී සිටියහ.