නාවික හමුදා දන්ත වෛද්‍ය ඒකකය මඟින් ලෝක ළමා දිනයට සමගාමීව ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් දන්ත වෛද්‍ය සායනයක් පවත්වයි

ලෝක ළමා දිනයට සමගාමීව, නාවික හමුදා දන්ත වෛද්‍ය ඒකකය මඟින් 2023 ඔක්තෝබර් මස 09 වන දින ත්‍රිකුණාමලය, තිස්ස විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් දන්ත වෛද්‍ය සායනයක්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වැඩස‍ටහනේදී නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් සේවා වනිතා පෙර පාසැලේ නිරික්ෂණ චාරිකාවක්ද සිදුකිරීමෙන් අනතුරුව, නැගෙනහිර නාවික විධානයට අයත් ආයතනයන්හි රාජකාරි නියුතු ගර්භණී කාන්තා නාවිකයින් නව දෙනකු (09) වෙත වියළි සලාක ප්‍රදානය කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ සුරතින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහ පෙර පාසැල් ගුරුවරියන්ද සහභාගී වී සිටියහ.