නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් වත්තල ‘ප්‍රීතිපුර’ ළමා නිවාසයේ නේවාසිකව සිටින දරුවන් හට දිවා ආහාර වේලක් ලබාදීමේ හා අත්‍යාවශ්‍ය විෂයයන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි

2023 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව සේවා වනිතා ඒකකය මඟින් වත්තල ‘ප්‍රීතිපුර’ ළමා නිවාසයේ නේවාසිකව සිටින දරුවන් හට දිවා ආහාර වේලක් ලබාදීම හා අත්‍යාවශ්‍ය විෂයයන් පරිත්‍යාග කිරීම 2023 ඔක්තෝබර් මස 02 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.