නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නාවිකයින් දෙදෙනෙකුගේ දෙමව්පියන් වෙත ශ්‍රවණ උපකරණ කට්ටල 02 ක් පරිත්‍යාග කරයි

ශ්‍රවණාබාධිත තම පියා සහ මව වෙනුවෙන් සානුකම්පිත හේතුන් මත ශ්‍රවණ උපකරණ ලබා ගැනීම සඳහා නායක ගබඩා සහකාර ආර්එම්පීකේ රත්නායක සහ නායක ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පීරිස් යන නාවිකයින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ගරු සභාපතිතුමිය වෙත පරිත්‍යාග වශයෙන් ලැබී ඇති ශ්‍රවණ උපකරණ කට්ටල 02 ක් එම මව සහ පියා වෙනුවෙන් පරිත්‍යාග කිරීම සේවා වනිතා ඒකකය යේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සුරතින් 2023 ඔක්තෝබර් මස 02 වන දින සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.