2023 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙනු ලෝක ළමා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, ඒ යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා නාවික පෙර පාසලෙහි දු දරුවන් වෙනුවෙන් ළමා වැඩසටහනක් සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශණයක්, 2023 ඔක්තෝබර් මස 01 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන්, එම පෙර පාසල් පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පැවති ලෝක ළමා දින වැඩසටහන සඳහා සහභාගී වූ දූ දරුවන් සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස, දක්ෂිණ, පණ්ඩුකාභය, සහ භරණ ආයතනයන්හිදී පැවති ලෝක ළමා දින වැඩසටහන් සඳහා සහභාගී වූ දූ දරුවන් වෙත සේවා වනිතා විධායක කමිටු සාමාජිකාවන් විසින් ත්‍යාග ප්‍රදානය සිදු කෙරිණි. එමෙන්ම, දූ දරුවන්ගේ ගායන, නර්ථන සහ රසාස්වාදන අංගයන්ගෙන් සමන්විත වූ එම වැඩසටහන් වලින් අනතුරුව, එම දූ දරුවන් සඳහා ආහාරපාන සහ ත්‍යාග ලබාදීමද සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, අණදෙන නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින්, පෙර පාසැල් ගුරුවරියන් සහ දෙම්ව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.