නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය කඳාන ප්‍රාදේශීය රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ රෝගීන් ගේ සුවදුක් විමසයි

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරක සේවාවක් ලෙස අද දින (2023 සැප්තැම්බර් 13) කඳාන ප්‍රාදේශීය රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීම සහ ඔවුන් වෙත ඇඳ ඇතිරිලි පරිත්‍යාග කිරීම සේවා වතිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම සුවදුක් විමසීමේ වැඩසටහන යටතේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ රෝගීන් හට උදෑසන කෙටි ආහාර වේලක් ලබාදීම ද ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.