රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පවත්වා ගෙන යන යනු ලබන ජාතික ආරක්‍ෂක අරමුදල මඟින් ක්‍රියාත්මක “විරුසිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව ප්‍රදානය - 2021 වැඩසටහන යටතේ ක්‍රියාන්විතයේදී මියගිය හා ආබාධිත තත්වයට පත් නාවික හමුදා පුද්ගලයින්ගේ ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් හට ත්‍යාග පිරිනැමීම අද දින (2023 සැප්තැම්බර් 12) නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා කාර්යාලයේදී සිදු කෙරිණි.
ඒ අනුව, “විරුසිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව ප්‍රදානය - 2021 වැඩසටහන සංකේතවත් කරමින් නාවික පුද්ගලයින් 5 දෙනෙකුගේ, 2021 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් වෙත පාසල් උපකරණ කට්ටල සහ ළමා ඉතිරිකිරීමේ ගිණුම් පාස් පොත් ප්‍රදානය සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.