වයඹ නාවික විධානයේ සේවා වනිතා ව්‍යාපෘති නිරීක්‍ෂණය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය සහභාගී වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී මාලා ලමාහේවා මැතිණිය 2023 සැප්තැම්බර් මස 09 සහ 10 යන දිනයන්හීදී වයඹ නාවික විධානය තුළ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා ව්‍යාපෘතීන්හි නිරීක්ෂණ චාරිකාවාරයක් සිදු කරන ලදී.

ඒ අනුව, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ ක්‍රියාත්මක කරනු ලබන සේවා වනිතා සුභසාධක වෙළඳසැල, යෝගට් ව්‍යාපෘතිය, නාවික පෙර පාසල සහ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනයේ ස්ථාපිත සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය නිරීක්‍ෂණය කල ගරු සභාපති තුමිය, එම ව්‍යාපෘතීන්ට අනුයුක්තව රාජකාරී කරනු ලබන නාවික පුද්ගලයින් හට ඔවුන් විසින් සිදුකරනු ලබන සේවාවන් තව දුරටත් කැපවීමෙන් සහ කාර්යක්‍ෂමව ඉදිරියටත් අඛණ්ඩව සිදුකරන ලෙස අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි.

තවද, මෙම නිරීක්‍ෂණ චාරිකාවාරය සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා කුමාරි පීරිස් මැතිණිය, කමිටු සාමාජිකා ඉනෝකා ගුණරත්න මැතිණිය, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ විධායක නිලධාරි කොමාණ්ඩර් සුගත් ප්‍රනාන්දු සහ සේවා වනිතා ව්‍යාපෘතීන්හි අණභාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වන ලදී.