නායක පාබල එල්එම්පී දිසානායක (විශ්‍රාමික) විසින් තම ආබාධිත දරුවා වෙනුවෙන්, ප්‍රමාණයෙන් විශාල රෝද පුටුවක් ලබා ගැනීමට කරන ලද ඉල්ලීමට අනුව, එම නාවිකයාගේ දරුවා හට 2023 ජූලි මස 21 වන දින රෝද පුටුවක් පරිත්‍යාග කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය විසින් එම කාර්යාල පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද ඉල්ලීම් අනුව ඔවුන් හට පරිත්‍යාග කිරිම සඳහා අවශ්‍ය රෝද පුටු ලබා ගැනීම සඳහා ගරු සභාපතිනිය විසින් සිංගප්පූරුවේ මහ කරුණා බෞද්ධ සංගමයේ සහ ශ්‍රීලංකාරාමයේ අනුශාසක ආචාර්ය අතිපූජ්‍ය කරඳටියන ගුණරතන ස්වාමීන් වහන්සේ වෙත කරන ලද ඉල්ලීමකට අනුව උන් වහන්සේ විසින් රෝද පුටුවක් සේවා වනිතා ඒකකය වෙත ප්‍රදානය කෙරිණි. ඒ අනුව, එම රෝද පුටුව මෙලෙස පරිත්‍යාග කිරීම 2023 ජුලි මස 21 වන දින ගරු සභාපතිතුමිය විසින් සිදු කෙරිණි.
තවද,මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.