ක්‍රියාන්විතයේ දී ආබාධිත තත්වයට පත් නායක ඉංජිනේරු කාර්මික (ආබාධිත, විශ්‍රාමික) ටීඑම්එල් ගුණසේකර යන නාවිකයා විසින් තම නිවසේ විදුලි පද්ධතිය සකස් කර ගැනීම සඳහා සානුකම්පිත හේතූන් මත මූල්‍යාධාරයක් ලබා ගැනීමට ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව, ඊට අදාල ප්‍රේෂණපත ප්‍රදානය කිරීම අද දින (2023 ජූලි 17) නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඒ අනුව, ඇස්තමේන්තුගත මුදලින් රු. 100,000.00 වටිනාකමින් යුත් ප්‍රේෂණපතක් මෙලෙස ප්‍රදානය කෙරුණු අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.