නාවිකයෙකු‍ගේ දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් සේවා වනිතා ඒකකය මඟින් මූල්‍යමය ආධාරයක් පිරිනමයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සේවයේ යෙදී සිටින කණිෂ්ඨ නාවිකයෙකුගේ රෝගී දරුවෙකු වෙනුවෙන් මුල්‍යමය ආධාරයක් පිරිනැමීම, 2023 ජුලි මස 04 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළාමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා කාර්යාලයේදී සිදු කෙරිණි.

ඒ අනුව, සේවයේ යෙදී සිටින නායක නැවි (කිමිදුම්) ජීඑම්ඒපී වීරරත්න යන නාවිකයා විසින් සානුකම්පිත හේතූන්මත රෝගී තත්වයෙන් පෙලෙන තම දරුවාගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් මුල්‍යමය ආධාරයක් ලබා ගැනීමට ඉදිරිපත් කරන ලද අයැදුමකට අනුව, සේවා වනිතා ඒකකය මඟින් 2023 ජුනි මස සිට වසරක කාලසීමාවක් සඳහා මාසිකව රු. 10,000.00 බැගින් මූල්‍යාධාර ලබා දීමට ගරු සභාපතිතුමිය ඇතුළු විධායක කමිටුව විසින් අනුමැතිය ලබාදීමෙන් අනතුරුව මෙලෙස සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ සුරතින් 2023 ජුලි මස 04 වන දින අදාල නාවිකයා වෙත මූල්‍යාධාර ප්‍රේෂණපත ප්‍රදානය කිරීම සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වන ලදි.