නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය වෙනුවෙන් සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ වත්මන් ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2023 ජූනි මස 21 වන දින උස්වැටකෙයියාව මාලිමා ක්ලබ් හවුස් නිකේතනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා නර්ථන කණ්ඩායමේ ගායන, වාදන සහ නර්ථන අංගයන්ගෙන් උත්සවය වර්ණවත් වූ අතර, සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනී, උදේනි කුලරත්න මහත්මිය විසින් පිළිගැනීමේ කථාව සිදු කරන ලදි. වත්මන් ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය විසින් සිදු කරන ලද චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සේවය ඇගයීමේ කථාවෙන් අනතුරුව, සමරු තිළිණ සහ ත්‍යාග ප්‍රධානය සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරිණියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.