නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී මාලා ලමාහේවා මැතිණිය 2023 ජුනි මස 15 වන දින උතුරු මැද නාවික විධානය තුළ පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා ව්‍යාපෘතීන්හි නිරීක්ෂණ චාරිකාවක් සිදු කරන ලදී.
ඒ අනුව, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ ක්‍රියාත්මක කරනු ලබන සේවා වනිතා පෙර පාසල සහ සේවා වනිතා සුභසාධක වෙළඳසැල ගරු සභාපතිනිය විසින් නිරීක්ෂණය කරන ලද අතර, එම සේවා වනිතා ව්‍යාපෘතීන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවිකයින් හට ඔවුන් විසින් සිදු කරනු ලබන සේවාවන් තව දුරටත් කැපවීමෙන් සහ කාර්යක්ෂමව ඉදිරියටත් සිදු කරන ලෙස ගරු සභාපති තුමිය විසින් අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි.
තවද, මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකා කමිලා බෝවත්ත මැතිණිය, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් කේඑස් දිසානායක, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වන ලදී.