ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් දීර්ඝකාලීනව නඩත්තු කටයුතු සිදුකර ගෙන යනු ලබන මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාට්ටු අංක 07 හි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් හට විශේෂ දිවා ආහාර වේලක් ලබාදීම, 2023 ජූනි මස 07 වන දින සේවා වතිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
තවද, රෝගීන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් පැවැත්වීම සහ ඔවුන් වෙත අවශ්‍ය නිමි ඇඳුම් ප්‍රදානය කිරීමද ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකා අප්සරා ජයකොඩි මහත්මිය, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.