නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් දානමය පුණ්‍යකර්මයක් සිදු කරයි

2023 මැයි මස 05 වන දිනට යෙදුන වෙසක් පොහොය දිනය නිමිත්තෙන් සහ 2023 මැයි මස 14 වන දිනට යෙදුන ලෝක මව්වරුන්ගේ දිනයට සමගාමීව, වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ භාරකාර ස්වාමීන් වහන්සේ දෙනමක් වෙනුවෙන් දහවල් දානය පිරිනැමීම සහ එම මධ්‍යස්ථානයේ නේවාසික දරුවන් 63 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරය ලබා දීම, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් 2023 මැයි මස 14 වන දින සිදු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනිය උදේනි කුලරත්න මහත්මිය ඇතුළු කමිටු සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලයද සහභාගී වන ලද අතර, ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමද එහිදී ගරු සභාපතිතුමිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.