නාවික හමුදා සේවා වනිතා පෙර පාසැල් ගුරුවරියන් සහ ගුරු සහායිකාවන්ගේ වෘත්තීමය නිපුණතාවය වර්ධනය කිරීමේ එක් දින වැඩමුළුවක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන සේවා වනිතා පෙර පාසැල්හි ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන පෙර පාසැල් ගුරුවරියන් සහ ගුරු සහායිකාවන්ගේ වෘත්තීමය නිපුණතාවය වර්ධනය කිරීමේ අරමුණින්, එක් දින වැඩමුළුවක්2023 අප්‍රේල් මස 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සේවා වනිතා පෙර පාසැල් පරිශ්‍රයේදී, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ මුලිකත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහනේ විද්වත් දේශණයන් සඳහා පෙර පාසැල් සංවර්ධන නිලධාරිණියක් මෙන්ම පුර්ව ළමාවිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ලෝක බැංකු සම්පත් දායිකාවක් වශයෙන් සේවය කරනු ලබන චිරතු ගමගේ මහත්මිය, ආරක්ෂක සේවා විද්‍යාලයේ 01 සහ 02 ශ්‍රේණි ප්‍රධාන ආචාර්යවරිය වශයෙන් කටයුතු කරනු ලබන දීපා නිකපොත ගුරු මහත්මිය සහ බෝධි මන්දුලි සේනාපති ගුරු මහත්මිය සහභාගී වන ලදී.

තවද, මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිතුමිය උදේනි කුලරත්න මහත්මිය, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා ඒකකයේ නිලධාරීන්, නිලධාරිණියන් සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.