නාවික පුද්ගලයින් පස් දෙනෙකු වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පොලී රහිත ණය මුදල් ප්‍රදානය කරයි

ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව රට තුල පවතින ආර්ථික අපහසුතාවයන් හමුවේ රණවිරුවන් වෙත සහනයක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත රු. 100,000.00 ක පොලී රහිත ණය මුදලක් ලබාදීමේ වැඩසටහන සඳහා අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද ණය අයදුම්පත් අතරින්, සංකේතාත්මකව නාවික පුද්ගලයින් පස්දෙනෙකු (05) වෙත අදාල ප්‍රේශණපත් ප්‍රදානය කිරීම අද දින (2023 පෙබරවාරි 28) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය විසින් නාවික හමුදා සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම පොලී රහිත ණය මුදල ලබා ගැනීම සඳහා අයදුම්කල නාවික පුද්ගලයන් අතරින් පළමු අදියර යටතේ නාවික පුද්ගලයන් හැට දෙනෙකු (60) ණය මුදල ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ඉන් පස් දෙනෙකු (05) සඳහා සංකේතාත්මකව මෙම ණය මුදල ලබා දීම මෙලෙස අද දින (2023 පෙබරවාරි 28) සිදු කෙරිණි.