පකිස්තානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) 2023 පෙබරවාරි මස 25 වන දින සිව්දින (04) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, ඊට සමගාමීව පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී ගේ මැතිණිය වන අමීරා අම්ජාද් මැතිණිය අද දින (2023 පෙබරවාරි 27) වැලිසර නාවික පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා සේවා වනිතා පෙර පාසල, සේවා වනිතා බතික් මධ්‍යස්ථානය හා සේවා වනිතා රූපලාවන්‍යාගාරය නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.
මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිතුමිය උදේනි කුලරත්න මහත්මිය, විධායක කමිටු සාමාජිකා කුමාරි සිල්වා මහත්මිය, කමිටු සාමාජිකා කමිලා බෝවත්ත මහත්මිය, මේනකා සමන්මලී මහත්මිය, දිලූෂා සෝමචන්ද්‍ර මහත්මිය, නාලිකා තුෂාන්ති මහත්මිය, නාවික අණභාර නිලධාරි (වැලිසර) කොමදෝරු එස්ආර් රූපසේන, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ඒඑම්ඩී අමරකෝන් සහ එම මහත්මිය දස්නි උචින්තා, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ගණකාධිකාරි කොමාණ්ඩර් (ස්වේ) එච්ඊ චන්ද්‍රසේන සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, කාන්තා නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.
තවද, මෙම නිරීක්‍ෂණ සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නිලධාරි නිවාසයේ දී සමරු තිළිණ හුවමාරු කර ගැනීමක් සිදු කෙරුණු අතර, අමීරා අම්ජාද් මැතිණිය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පෙර පාසල් පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීම ද සිදු කෙරිණි.