සේවා වනිතා ඒකකය මඟින් ආර්ථික අපහසුතා සහිත නාවික පුද්ගලයිනගේ දු දරුවන් වෙත පාසැල් උපකරණ ප්‍රදානය කරයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස ආර්ථික අපහසුතා සහිත නාවික පුද්ගලයන් දෙදෙනෙකුගේ දරුවන් වෙත පාසැල් උපකරණ ප්‍රදානය කිරීමක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 පෙබරවාරි 23) නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා කාර්යාලයේදී සිදු කෙරිණි.

ඒ අනුව, සාමාන්‍ය නාවික පාබල (ආබාධිත, විශ්‍රාමික) ඩීඅයි මුණසිංහ සහ බල නැවි ආර් විද්‍යාපතී යන නාවිකයන්ගේ කාලාත්‍රයන් විසින් නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් මෙලෙස පාසැල් උපකරණ ප්‍රදානය කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි උදේනි කුලරත්න මහත්මිය, සේවා වනිතා විධායක කමිටු සාමාජිකා චම්පිකා කුමාරි මහත්මිය, සේවා වනිතා සාමාජිකා තුෂාරි රණවීර මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.