ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතන පරිශ්‍රයේ අභිනව සේවා වනිතා ආපන ශාලාව විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් නාවික තටාකංගණය තුළ පිහිටි ආයතනයන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවික පුද්ගලයින්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දෛනික පරිභෝජනය සඳහා ආහාර සහ කෙටි ආහාර සහනදායී මිලට ලබා ගැනීමට සේවා වනිතා ආපනශාලාවක් ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ ඉදිකරන ලද අතර, එම ආපනශාලාව 2023 පෙබරවාරි මස 21 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණයගේ සහභාගීත්වයෙන් නාවික පුද්ගලයින්ගේ භාවිතය සඳහා විවෘත කිරීමට කටයුතු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා ස්වේච්ඡා නාවික හමුදාවේ සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකාවන් වන ඉමාලි අමරෝසා මහත්මිය, කමිලා බෝවත්ත මහත්මිය, චමරි එදිරිසිංහ මහත්මිය, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ටීඅයිපී ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ විධායක නිලධාරි ඇතුළු ආයතනයේ නිලධාරීන් සහ නිලධාරිණියන්, ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.