සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයේ ස්ථාපිත නිවාඩු නිකේතනයන්හි නිරීක්ෂණ චාරිකාවක් සිදු කරයි

සේවා වනිතා ඒකකය මඟින් නවීකරණය කරන ලද ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයේ ස්ථාපිත නිවාඩු නිකේතනයන්හි නිරීක්ෂණ චාරිකාවක් 2023 පෙබරවාරි මස 20 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය විසින් සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකාවන් වන ඉමාලි අමරෝසා මහත්මිය, කමිලා බෝවත්ත මහත්මිය, චමරි එදිරිසිංහ මහත්මිය, නාවික අණභාර නිලධාරි (ත්‍රීකුණාමලය උතුර) කොමදෝරු ආර්එස්සීආර් ෆොන්සේකා, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් සීවී දන්ගම්පල සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.