නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය රේවත ළමා නිවාසයේ සහ කුච්චවේලී ඔට්ටච්චිකුලම් ග්‍රාමීය පාසලේ දරුවන් හට පාසැල් උපකරණ ප්‍රදානය කෙරේ

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව භාවිතයෙන් ඉවත් කරන ලද පොත්පත් නැවත භාවිතයට ගත හැකි පරිදි සකස් කර පාසල් ළමුන් වෙත බෙදාදීමේ ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන්, එම පොත්පත් සහ පාසල් උපකරණ ඇතුළු අනෙකුත් උපකරණ ත්‍රීකුණාමලය රේවත ළමා නිවාසයේ දරුවන් හට සහ කුච්චවේලී ඔට්ටච්චිකුලම් ග්‍රාමීය පාසලේ දරුවන් හට ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි මස 19 වන දින සහ 20 වන දින රේවත ළමා නිවාසයේදී සහ ඔට්ටච්චිකුලම් ග්‍රාමීය පාසලේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකාවන් වන ඉමාලි අමරෝසා මහත්මිය, කමිලා බෝවත්ත මහත්මිය, චමරි එදිරිසිංහ මහත්මිය, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ටීඅයිපී ප්‍රනාන්දු සහ එම මහත්මිය වන ඉසංකා මදුමතී මහත්මිය, නාවික හමුදා තොරතුරු තාක්ෂණ අංශයේ ලුතිනන් කොමාණ්ඩර් ඒඑම්ඩීඊ අමරපති, ලුතිනන් කොමාණ්ඩර් ජීඑල්එච්කේ ද සිල්වා, ලුතිනන් කොමාණ්ඩර් ඩබ්එච්කේ ගුණසෝම යන නිලධාරීන් සහ නිලධාරිණියන් ද සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.