නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේ සේවා වනිතා ව්‍යාපෘති නිරීක්‍ෂණය කරයි

ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා සුභසාධක වෙළඳසැලෙහි සහ සේවා වනිතා යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතියෙහි නිරීක්ෂණ චාරිකාවක් 2023 පෙබරවාරි මස 20 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය විසින් සිදු කරන ලදී.

එහිදී, එම සේවා වනිතා ව්‍යාපෘතීන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවිකයින් හට ඔවුන් විසින් සිදු කරනු ලබන සේවාවන් තව දුරටත් කැපවීමෙන් සහ කාර්යක්ෂමව ඉදිරියටත් සිදු කරන ලෙස උපදෙස් ලබා දෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය තුළ නව සේවා වනිතා පළතුරු බීමහලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සාකච්ඡා කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකාවන් වන ඉමාලි අමරෝසා මහත්මිය, කමිලා බෝවත්ත මහත්මිය, චමරි එදිරිසිංහ මහත්මිය, ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් පිඑස් පරණවිතාන සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.