ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සහභාගී වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය තුළ පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණිය 2023 ජනවාරි මස 24 වන දින සහභාගී විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය තුල පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා සුභසාධක වෙළඳසැල, අබාන්ස් ප්‍රදර්ශනාගාරය, රූපලාවන්‍යාගාරය, බතික් ව්‍යාපෘතිය, මල් සැකසුම් ඒකකය, කෘෂි ව්‍යාපෘතිය, යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතිය, සේවා වනිතා බේකරිය, ආපන ශාලාව සහ නාවික පෙර පාසල ගරු සභාපතිනිය විසින් නිරීක්‍ෂණය කරන ලද අතර, එම සේවා වනිතා ව්‍යාපෘතීන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවිකයින් හට ඔවුන් විසින් සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් කැපවීමෙන් සහ කාර්යක්‍ෂමව ඉදිරියටත් සිදු කරන ලෙස උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරි (වැලිසර) කොමදෝරු එස්ආර් රූපසේන, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ඒඑම්ඩී අමරකෝන්, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා ව්‍යාපෘති භාර නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.