නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී මාලා ලමාහේවා මැතිණිය 2023 ජනවාරි මස 10 සහ 11 යන දිනයන්හිදී නැගෙනහිර නාවික විධානය තුළ පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා ව්‍යාපෘතීන්හි නිරීක්ෂණ චාරිකාවක් සිදු කරන ලදී.
ඒ අනුව, ත්‍රීකුණාමලය ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ ක්‍රියාත්මක කරනු ලබන සේවා වනිතා සුභසාධක වෙළඳසැල, අබාන්ස් ප්‍රදර්ශනාගාරය, රූපලාවන්‍යාගාරය, පරිගණක පුහුණු මධ්‍යස්ථානය, යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතිය, නාවික පෙර පාසල සහ තෑගි භාණ්ඩ අලෙවිසල ගරු සභාපතිනිය විසින් නිරීක්ෂණය කරන ලද අතර, එම සේවා වනිතා ව්‍යාපෘතීන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවිකයින් හට ඔවුන් විසින් සිදු කරනු ලබන සේවාවන් තව දුරටත් කැපවීමෙන් සහ කාර්යක්ෂමව ඉදිරියටත් සිදු කරන ලෙස උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි.
තවද, ගරු සභාපතිනිය විසින් සේවා වනිතා පෙර පාසලේ ඉගෙනුම ලබන දූ දරුවන් හට ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් (කිමිදුම්) ඉරේෂ් ප්‍රනාන්දු, සේවා වනිතා ව්‍යාපෘති භාර නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වන ලදී.