දුරුතු පුන් පොහෝය දිනය නිමිති කොටගෙන 2023 ජනවාරි මස 06 වන දින සේවා වනිතා ඒකකය විසින් රුවන්වැලි මහා සෑය පුදබිමේ නායක ස්වාමීත් වහන්සේ, අති පුජ්‍ය ආචාර්යය ඊතල වැටුන වැවේ ඥාණතිලක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානයට අයත් සියළුම විහාරස්ථානයන්හි නායක ස්වාමීන් වහන්සේලා හා පිරිවෙන්හි අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලා 55 නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයක්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ මුලිකත්වයෙන් රුවන්වැලිසෑය දාන ශාලාවේදී සිදුකරන ලදී.
එමෙන්ම, මෙම පුණ්‍යකර්මයට සමගාමීව සාලියපුර මිත්‍ර ළමා නිවාසයේ නේවාසික දරුවන් 25 දෙනෙකු උදෙසා දිවා ආහාරය ලබාදිම සහ සිංගප්පූරුවේ ලංකාරාමය බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අවශ්‍යතා සහිත දරුවන් අතරේ බෙදාහැරීම වෙනුවෙන් පරිත්‍යාග කරන ලද, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පාසැල් උපකරණ හා දෛනික පරිභෝජනය වෙනුවෙන් අත්‍යවශ්‍ය විෂයන් පරිත්‍යාග කිරීමද එහිදී ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිතුමිය, උදේනි කුලරත්න මැතිණිය, සේවා වනිතා සාමාජිකාවන්, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් කේජීඑන් රණවීර, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් ජේඑම්ජීබී ජයකොඩි මෙන්ම සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.