නාවික හමුදා සේවා වනිතා ඒකකයේ 17 වන ගරු සභාපතිණිය වශයෙන් මාලා ළමාහේවා මැතිණිය වැඩ භාර ගනී

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ 17 වන ගරු සභාපතිණිය වශයෙන් මාලා ළමාහේවා මැතිණිය 2022 දෙසැම්බර් මස 20 වන දින නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා කාර්යාලයේදී සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, අභිනව සභාපතිණිය වැඩ භාර ගැනීම පොල්තෙල් පහන් දල්වා ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා හුණුපිටිය, ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අති පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහ සංඝරත්නය තුන් නමක් (03) වැඩම කරවා සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම හා පිරිකර පුජා කිරීම බෞද්ධාගමික වත් පිළිවෙත් වලට අනුකූලව සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා විධායක කමිටු සාමාජිකා ඉනෝකා වීරකෝන් මැතිණිය, අධ්‍යක්‍ෂ නාවික (දන්ත වෛද්‍ය) වෛද්‍ය කොමදෝරු ආර්පීඑන්එන් විජේදෝරු, කපිතාන් (සිඉ) ඩබ්එච්එම්ඩීඑන් විජේකෝන්, විධාන වෛද්‍ය නිලධාරි (දියත්) වෛද්‍ය කොමාණ්ඩර් එම්වීඑස් අතුකෝරල සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.