නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය වන චන්දිමා උළුගේතැන්න මැතිණිය වෙනුවෙන් සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලය විසින් 2022 දෙසැම්බර් මස 17 වන දින ප්‍රදීපාගාර අවන්හලේ ‘Forecastle’ කොටසේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
තවද, එම උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ලේකම් කොමාණ්ඩර් (නාපාබල) ඩීඑන්ඒ දේශප්‍රිය, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි හා ගණකාධිකාරි කොමාණ්ඩර් (ස්වේ) එච්ඊ චන්ද්‍රසේන, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා ඒකකයේ නිලධාරීන්, නාවික හමුදා මුලස්ථාන සේවා වනිතා ඒකකයේ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහභාගී වී සිටියහ.