සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සංකල්පයකට අනුව සානුකම්පිත හේතූන් මත සේවයේ යෙදී සිටියදී ආබාධිතවු නාවිකයින් හට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ රාජකාරියේ යෙදී සිටියදී ආබාධිතවු නාසංඥා, ඩබ්ආර්පීඑස් ජයසිංහ යන නාවිකයාගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීමකට අනුව සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව ඉදිකිරීම් කටයුතු නිමකරන ලද නිවස අදාල නාවිකයා වෙත භාරදීම 2022 දෙසැම්බර් මස 17 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
තවද, එම උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා විධායක කමිටු සාමාජිකා ඉනෝකා වීරකෝන් මැතිණිය, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පරිපාලන නිලධාරි ලුතිනන් කොමාණ්ඩර් එම්පීඑස්ඩී මල්දෙණිය, සිවිල් ඉංජිනේරු (බටහිර) III ලුතිනන් (සිඉ) කේඒඑස් දිල්රුක් සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.