නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් කොළඹ නාවික මහ රෝහල වෙත ලබා දීම සඳහා ‘Electrocautery Machine’ උපකරණයක් 2022 දෙසැම්බර් මස 14 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් නාවික හමුදා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෙත ප්‍රදානය කෙරිණි.
සියළුම නාවික පුද්ගලයින්, නාවික පවුල්වල සාමාජිකයින් හා සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා නාවික මහ රෝහල (කොළඹ) හි භාවිතය වෙනුවෙන් ‘Electrocautery Machine’ උපකරණයක් ලබා ගැනීමට විශාල මුදලක් වැයවන බැවින්, ඒ සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව වෙතින් ලිඛිතව කරන ලද ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 1.7 කට ආසන්න වටිනාකමින් යුත් අදාල උපකරණය නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මිලදීගෙන 2022 දෙසැම්බර් මස 14 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභපතිනියගේ සුරතින් වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෙත ප්‍රදානය කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා විධාන වෛද්‍ය නිලධාරි (දියත්), වෛද්‍ය කොමාණ්ඩර් එම්වීඑස් අතුකෝරල, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම නාවික රෝහලෙහි නිලධාරීන් සහ නාවිකයින්, සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.