ශ්‍රවණ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින තම දියණිය වෙත වෛද්‍ය නිර්දේශය මත ශ්‍රවණ උපකරණ කට්ටලයක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඒ සඳහා සානුකම්පිත හේතූන්මත උක්ත ශ්‍රවණ උපකරණ කට්ටලය ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත නායක නැවි ටීඑල්ඩී ප්‍රියවංශ යන නාවිකයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් කාරුණික අවධානය යොමු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් රු. 347,750.00 ක වටිනාකමින් යුත් අදාල ශ්‍රවණ උපකරණ කට්ටලය මිලදීගෙන සේවා වනිතා ඒකකයේ ගරු සභපතිතුමියගේ සුරතින් එම දියණිය වන සඳසි සාරන්‍යා වෙත 2022 දෙසැම්බර් මස 14 වන දින ප්‍රදානය කරන ලදී.
තවද, එම අවස්ථාව සඳහා සඳසි සාරන්‍යා දියණියගේ පියා වන නායක නැවි ටීඑල්ඩී ප්‍රියවංශ යන නාවිකයා, එම දියණියගේ මව සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.