කාලා හරී කුමාර් මැතිණිය වැලිසර සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී වෙයි

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් 2022 දෙසැම්බර් මස 12 වන දින, සය දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, එම නිල සංචාරයට සමගාමීව ඉන්දීය නාවික හමුදා ප්‍රධානී ගේ මැතිණිය වන කාලා හරී කුමාර් මහත්මිය (Mrs. Kala Hari Kumar) විසින් 2022 දෙසැම්බර් මස 14 වන දින වැලිසර සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී චන්දිමා උළුගේතැන්න මැතිණිය සමඟ සහභාගී විය.

මෙම වැඩසටහනට සමගාමීව එම මැතිණිය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමණු ආයතනයේ නිලධාරි නිවාස පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමටද කටයුතු කෙරිණි.

තවද, එම උත්සව අවස්ථාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගේ මැතිණිය වන පූජා සූඩ් මැතිණිය, සේවා වනිතා ඒකකයේ ගරු උප සභපතිතුමිය මාලා ළමාහේවා මැතිණිය, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සමාජිකාවන් වන උදේනි කුලරත්න මැතිණිය සහ ඉනෝකා වීරකෝන් මැතිණිය, සේවා වනිතා කමිටු සාමාජිකාවන්, නාවික අණභාර නිලධාරි (වැලිසර) කපිතාන් ඩබ්ටීඒ වසන්ත, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ විධායක නිලධාරි කොමාණ්ඩර් එස්එන් තෙවරප්පෙරුම, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා ව්‍යාපෘතීන්ගේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, කාන්තා නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.