නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාලනය වන ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ නාවික පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා සහතිකපත් ප්‍රධානෝත්සවය උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් සහ එම මැතිණිය වන සේවා වනිතා විධායක කමිටු සාමාජිකා චම්පා රත්නායක මැතිණියගේ සෘජු අධීක්‍ෂණය යටතේ 2022 දෙසැම්බර් මස 02 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තවද, එම උත්සව අවස්ථාව සඳහා උතුරුමැද නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් කේජීඑන් රණවීර, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ඒඩී වීරසිංහ, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය හා ශික්‍ෂා ආයතනයන්ට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය සේවා වනිතා පෙර පාසැලේ අධීක්‍ෂණ නිලධාරිණි ලුතිනන් (ස්වේ) එස් ලොකුවත්තගේ, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයට අනූයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, පෙර පාසැල් දු දරුවන්, ගුරුවරියන් සහ දෙමව්පියන්ද සහභාගී වී සිටියහ.