ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාලනය වන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සේවා වනිතා පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා සහතිකපත් ප්‍රදානෝත්සවය බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් සහ එම මැතිණිය වන සේවා වනිතා විධායක කමිටු සාමාජිකා ඉනෝකා වීරකෝන් මැතිණියගේ සෘජු අධීක්‍ෂණය යටතේ 2022 දෙසැම්බර් මස 02 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

තවද, එම උත්සව අවස්ථාව සඳහා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් කේඑල්කේඑච් මාරඹගේ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම හා ගැමුණු ආයතනයන්ට අනුයුක්ත ජ්‍යේෂඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා පෙර පාසැලේ අධීක්‍ෂණ නිලධාරිණි ලුතිකොමා (ස්වේ) කේඅයි දමයන්ති හා කාර්යය මණ්ඩලය, සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය, පෙර පාසැල් දරුවන්, ගුරුවරියන් සහ දෙමව්පියන්ද සහභාගී වී සිටියහ.