ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස සේවා වනිතා පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාලනය වන ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ නාවික පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා සහතිකපත් ප්‍රදානෝත්සවය නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් සහ එම මැතිණිය වන සේවා වනිතා විධායක කමිටු සාමාජිකා උදේනි කුලරත්න මැතිණියගේ සෘජු අධීක්‍ෂණය යටතේ 2022 නොවැම්බර් මස මස 30 වන දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තවද, එම උත්සව අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ හිටපු නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් කේඑම්ජීඑන් නවරත්න හා එම මැතිණිය, නැගෙනහිර නාවික විධානයේ නව නියෝජ්‍ය ආඥාපති කොමදෝරු එච්එච්එම්පී ද සිල්වා, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස හා ශ්‍රී ලංකා නාවික තඨාකාංගනය යන ආයතනයන්ට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස සේවා වනිතා පෙර පාසැලේ අධීක්‍ෂණ නිලධාරීන් වන ලුතිකොමා (ස්වේ) ජේඑම්යුබී ජයවර්ධන සහ උප ලුතිනන්(ස්වේ) ආර්එම්ටීඑස් රත්නායක, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයට අනූයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, පෙර පාසැල් දු දරුවන්, ගුරුවරියන් සහ දෙමව්පියන්ද සහභාගී වී සිටියහ.