නාවික හමුදා සක්‍රීය සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයෙකුගේ ඉල්ලීම මත එම ජ්‍යේෂ්ඨ නාවිකයාගේ දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුල්‍යමය ආධාරයක් පිරිනැමීම, 2022 නොවැම්බර් මස 16 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, ප්‍රධාන සුළු නිලධාරි ආර්එම්එස්කේ රත්නායක යන ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් සානුකම්පිත හේතූන්මත සිය දියණියගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා මුල්‍යමය ආධාරයක් ලබා ගැනීමට ඉදිරිපත් කරන ලද අයැදුමකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් 2022 ජූනි මස සිට 2023 ජනවාරි මස දක්වා මාසිකව රු. 20,000.00 බැගින් මූල්‍යමය ආධාරයක් ලබා දීමට සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු විධායක කමිටුව විසින් අනුමැතිය ලබා දෙන ලදී.

එම මූල්‍ය ආධාරය ලබාදීම සංකේතවත් කරමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2022 නොවැම්බර් මස 16 වන දින ප්‍රධාන සුළු නිලධාරි ආර්එම්එස්කේ රත්නායක වෙත මූල්‍ය ආධාර ලබාදීමට අදාල ලිපිය ප්‍රදානය කිරීමට කටයුතු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වන ලදි.