සේවා වනිතා ඒකකයෙන් සමුගන්නා ලද විධායක කමිටු සාමාජිකාවන් සහ කමිටු සාමාජිකාවන් හට සමුදිමේ සාදයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් සමුගන්නා ලද විධායක කමිටු සාමාජිකාවන් සහ කමිටු සාමාජිකාවන් හට සමුදිමේ සාදයක් 2022 නොවැම්බර් මස 14 වන දින නාවික හමුදා නිලධාරි නිවාසයේදි සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සමුගැනීමේ සාදය, නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා නර්ථන කණ්ඩායාමේ ගායන, වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් වූ අතර, එම අවස්ථාවේදී ගරු සභාපතිනිය විසින් සේවා වනිතා ඒකකයෙන් සමුගන්නා ලද සන්ද්‍යා ඒකනායක මහත්මිය, දුෂානි මහවිතාන මහත්මිය, ශිරෝමනි සිගේරා මහත්මිය, කුමුදු ගමගේ මහත්මිය සහ ප්‍රියංකා සෙනෙවිරත්න මහත්මිය යන විධායක කමිටු සහ කමිටු සාමාජිකාවන් හට සමරු තිළිණ සහ ත්‍යාග ප්‍රදානයක්ද සිදුකරන ලදි.

තවද, මෙම සමුගැනීමේ උත්සවය සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, කාන්තා නිලධාරිනියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.