ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සුභසාධනය උදෙසා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් එක් සුභසාධක ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද නව සේවා වනිතා එළවළු වෙළඳසැල 2022 නොවැම්බර් මස 11 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ඇති නාවික හමුදා සේවා වනිතා සුභසාධන වෙළඳසැලට යාබදව ස්ථාපිත කරන ලද මෙම නව සේවා වනිතා එළවළු වෙළඳසැල, ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් නොවැම්බර් මස 11 දින විවෘත කරන ලදී. මෙම එළවළු වෙළඳසැල මඟින් නාවික හමුදා මූලස්ථානයේ සහ ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ නාවික පුද්ගලයන් හට නැවුම් එළවළු පහසු මිලට ලබා ගැනීමේ හැකියාව ඇත.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා ඉනෝකා වීරකෝන් මැතිණිය, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ විධායක නිලධාරි කොමාණ්ඩර් (සංඥා) කේපීඑන්පී කුරුකුලසූරිය, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරි කොමාණ්ඩර් (ස්වේ) එච්ඊ චන්ද්‍රසේන සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලදි.