නාවික හමුදාධිපතිගේ නාවික සහයක සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරි, රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරියා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සහ එම මැතිණිය වන සේවා වනිතා කමිටු සාමාජිකා ප්‍රියංකා සෙනෙවිරත්න මහත්මිය හට සමුදීමේ සාදයක් 2022 සැප්තැම්බර් මස 18 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථාන ප්‍රදීපාගාර අවන්හලේ දී පැවැත්වීමට කටයුතු කරන ලදී.
මෙම සමුදීමේ සාදය අවසානයේදී රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න හා එම මැතිණිය වෙත සමරු තිළිණ ප්‍රධානය කිරීම සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිණී, මාලා ළමාහේවා මහත්මිය, විධායක කමිටු සාමාජිකාවන් වන උදේනි කුලරත්න මහත්මිය, සන්ධ්‍යා ගුණසේකර මහත්මිය, ඉනෝකා වීරකෝන් මහත්මිය, නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි කපිතාන් ඉන්දික ද සිල්වා, සේවා වනිතා ඒකකයේ ලේකම්, කාර්ය මණ්ඩලය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.